Wednesday, April 15, 2009

ආවඩා ආයුබෝවේවා!!

මෙදා සැරේ සිංහල අලුත් අයුරුද්දෙන් පස්සෙ පරණ බ්ලොග් එකේ අලු ගසල බසල දාලා ගන්න හිතුව. පහුගිය මාස ගානටම මගෙ බ්ලොග් එක දිහා ඇහැක් ඇරලා බලන්න උනෙ නැහැ නෙව. ඉතින් මේ අලුත් අවුරුද්දෙ හාහාපුරා කියලා බ්ලොග් එකට අලුත් මූනතක් දාලම තමයි වැඩේ පටන් ගත්තෙ.

අහා. ඒකෙන් මේකෙන් මට කට්ටියට සුබ පතන්නත් බැරි උනා නෙව. ඕන්න එහෙනම් 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා කියල මුලු අවුරුද්දම කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න ඕනෙ. මේ අබුද්දස්ස කාලෙ ඖරුද්දට සුබ පතන එකත් දැන් වෙළද දැන්වීමක් වෙලා නෙව.මේ ඊයෙ පෙරේදා මගෙ යාලුවෙක් ඔය ඔක්කොම දැන්වීම් ටික එකතු කරලා හරි අපූරු සුබපැතුමක් එවල තිබ්බා මේ විදියට. "මේ ලබුවාවු නව වසර කිරියෙන්, පැනියෙන් සහ නෙස්ටොමොල්ට් රෙඩ් රයිස් අන්ඩ් ගොටුකොල වලින් පරි පූර්න වූ සුබම සුබ අල්ටිමේට් තීත්ත අලුත් අවුරුද්දක් වීවා. ඔබලා හට ඇති සියලු ප්රාර්තනා ඉහල උත්කර්ශන විදියට ලගා වී සියලු සැප සම්පත් සහ නීරොගි දිවියක් උඩාවෙවා...!!" බලමුකො ඒකෙත් හැටි. :)

කතාවෙන් කතාවෙන් මට ඒකත් අමතක උනා නෙව. අලුත් අවුරුද්දෙ සිංහලෙන්ම ලියන්න හිත හිතා ඉන්නකොට මට හම්බ උනා හරි අපූරු බඩුවක්. ඒක තමා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගනක අංශයෙන් හදපු යුනිකෝඩ් එසැනින් පරිවර්තකය. අපිට පුරුදු SMS සිංග්ලිශ් වලින්ම ලියන්න පුලුවන් නිසා හරි ලේසි. අනික සිංහල යුනිකෝඩ් ඇර වෙන මොනවත් ස්ථාපනය කරන්නත් කරදර වෙන්න ඕනෙ නැහැ නෙව. ඔය පල්ලෙහායින් තියෙන පුරුකෙන් එතැනට ගියහැකි. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

If you can not read this, please install Sinhala Unicode in your computer from here. http://locallanguages.lk/

No comments: