අපේ නිමලෙ මේ දවස්වල අලුත් වැඩකට අතගහල. අපේ CSE 05 කන්ඩායමේ කොම්පියුටර් ඉන්ජිනේරුවොටිකගෙ බ්ලොග් ලිපිනයන් එකම වහලක් යටට ගන්න එක තමා මේ අලුත්ම වැඩේ. වහලක් කිව්වට ඉතින් මේක වහලක්ම නෙවේ. අන්තර්ජංජාල පොත් යොමු පිටුවක් කිව්වොත් තමා වඩා නිවැරදි. :)
ඉතින් කැම්පස් එකේ මේ අන්තිම දවස් ටිකේදි නිමලෙගෙ මේ අලුත් වැඩේ බොහොම හොද එකක් කියල තමයි මගේ නම් අදහස. මොකද ඉතින් ආපහු කට්ටිය එකතු කරගන්නත් ලේසිවෙන එකක් නැහැනෙ. ඒක නිසා මේක පස්සට හොඩ මතක සටහනක් වෙන්නැතෑ. ඇරත් පුදුම දැනුම් සම්භාරයක්නෙ මේවයෙ තියෙන්නෙ.
ඔක්කොම කියල කියල තාම වැදගත්ම දේ කියන්න බැරි උනානෙ. http://delicious.com/talkout/CSE05 තමයි ඒකට යන පුරුක. ඕකෙ මගෙ මේ බ්ලොග් එකෙ ලිපිනයත් ඇති. අනෙ ඉතින් මමයි මගෙ බ්ලොග් ලිවිල්ලයි..
A journal of my thoughts, adventures and experiences. #programming #software #photography #travel #leo
Showing posts with label sinhala. Show all posts

Wednesday, April 15, 2009
ආවඩා ආයුබෝවේවා!!
මෙදා සැරේ සිංහල අලුත් අයුරුද්දෙන් පස්සෙ පරණ බ්ලොග් එකේ අලු ගසල බසල දාලා ගන්න හිතුව. පහුගිය මාස ගානටම මගෙ බ්ලොග් එක දිහා ඇහැක් ඇරලා බලන්න උනෙ නැහැ නෙව. ඉතින් මේ අලුත් අවුරුද්දෙ හාහාපුරා කියලා බ්ලොග් එකට අලුත් මූනතක් දාලම තමයි වැඩේ පටන් ගත්තෙ.
අහා. ඒකෙන් මේකෙන් මට කට්ටියට සුබ පතන්නත් බැරි උනා නෙව. ඕන්න එහෙනම් 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා කියල මුලු අවුරුද්දම කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න ඕනෙ. මේ අබුද්දස්ස කාලෙ ඖරුද්දට සුබ පතන එකත් දැන් වෙළද දැන්වීමක් වෙලා නෙව.මේ ඊයෙ පෙරේදා මගෙ යාලුවෙක් ඔය ඔක්කොම දැන්වීම් ටික එකතු කරලා හරි අපූරු සුබපැතුමක් එවල තිබ්බා මේ විදියට. "මේ ලබුවාවු නව වසර කිරියෙන්, පැනියෙන් සහ නෙස්ටොමොල්ට් රෙඩ් රයිස් අන්ඩ් ගොටුකොල වලින් පරි පූර්න වූ සුබම සුබ අල්ටිමේට් තීත්ත අලුත් අවුරුද්දක් වීවා. ඔබලා හට ඇති සියලු ප්රාර්තනා ඉහල උත්කර්ශන විදියට ලගා වී සියලු සැප සම්පත් සහ නීරොගි දිවියක් උඩාවෙවා...!!" බලමුකො ඒකෙත් හැටි. :)
කතාවෙන් කතාවෙන් මට ඒකත් අමතක උනා නෙව. අලුත් අවුරුද්දෙ සිංහලෙන්ම ලියන්න හිත හිතා ඉන්නකොට මට හම්බ උනා හරි අපූරු බඩුවක්. ඒක තමා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගනක අංශයෙන් හදපු යුනිකෝඩ් එසැනින් පරිවර්තකය. අපිට පුරුදු SMS සිංග්ලිශ් වලින්ම ලියන්න පුලුවන් නිසා හරි ලේසි. අනික සිංහල යුනිකෝඩ් ඇර වෙන මොනවත් ස්ථාපනය කරන්නත් කරදර වෙන්න ඕනෙ නැහැ නෙව. ඔය පල්ලෙහායින් තියෙන පුරුකෙන් එතැනට ගියහැකි. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
If you can not read this, please install Sinhala Unicode in your computer from here. http://locallanguages.lk/

Subscribe to:
Posts (Atom)