Wednesday, April 15, 2009

CSE බ්ලොග් යොමුව

අපේ නිමලෙ මේ දවස්වල අලුත් වැඩකට අතගහල. අපේ CSE 05 කන්ඩායමේ කොම්පියුටර් ඉන්ජිනේරුවොටිකගෙ බ්ලොග් ලිපිනයන් එකම වහලක් යටට ගන්න එක තමා මේ අලුත්ම වැඩේ. වහලක් කිව්වට ඉතින් මේක වහලක්ම නෙවේ. අන්තර්ජංජාල පොත් යොමු පිටුවක් කිව්වොත් තමා වඩා නිවැරදි. :)

ඉතින් කැම්පස් එකේ මේ අන්තිම දවස් ටිකේදි නිමලෙගෙ මේ අලුත් වැඩේ බොහොම හොද එකක් කියල තමයි මගේ නම් අදහස. මොකද ඉතින් ආපහු කට්ටිය එකතු කරගන්නත් ලේසිවෙන එකක් නැහැනෙ. ඒක නිසා මේක පස්සට හොඩ මතක සටහනක් වෙන්නැතෑ. ඇරත් පුදුම දැනුම් සම්භාරයක්නෙ මේවයෙ තියෙන්නෙ.

ඔක්කොම කියල කියල තාම වැදගත්ම දේ කියන්න බැරි උනානෙ. http://delicious.com/talkout/CSE05 තමයි ඒකට යන පුරුක. ඕකෙ මගෙ මේ බ්ලොග් එකෙ ලිපිනයත් ඇති. අනෙ ඉතින් මමයි මගෙ බ්ලොග් ලිවිල්ලයි..

2 comments:

Leo Sadeepa said...

නියමයි නේ ඉසුරු මල්ලී ... ඔයා දිගටම සිංහල වලින් ලියනවද ? එහෙනම් මේ බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කරන්න පුලුවන්.

Unknown said...

ස්තුතියි සදීප අයියා. තාක්ෂණික දේවල් හැර අනිත් ඒවා සිංහලෙන්ම ලියන්නයි කල්පනාව. :)